කොරෝනා හමුවේ විදෙස්ගත ලාංකීය ශ්‍රමිකයන්ට පීඩා

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හමුවේ ලෝකයේ රටවල් රැසක ශ්‍රී ලාංකිකයන් පීඩාවන්ට පත්ව සිටින බව වාර්තාවනවා.
ලංකා ඒ නිවුස් වෙත අදහස් දක්වමින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් රැසක් කියා සිටියේ තම රැකියා සුරක්ෂිතතාවය පිළිබද මේ වන විට ගැටළුවක් පවතින බවයි.
එසේම කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීමේ ගැටලු හා යළි මව්බිමට පැමිණීමේ නොහැකියාවද තමන් පීඩාවට පත්කර ඇති බවයි ඔවුන් පවසන්නේ.
මැද පෙරදිග කලාපය ආශ්‍රීතවයි මෙම ගැටළුකාරී තත්ත්වය උත්සන්නවී ඇත්තේ.
කෙසේ වෙතත් ලංකාවේ පවතින තත්ත්වය හා ගුවන් තොටුපල වසා තිබීම හේතුවෙන් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාවක් පවතින්නේ නැහැ.
කෙසේ වෙතත් මෙම අවදානම පහව යන තෙක් තමන් සිටින ස්ථානයේ ආරක්ෂිතව රැදී සිටින්නැයි ශ්‍රී ලංකා රජය විදෙස්ගත ශ්‍රමිකයින්ට පසුගියදා දැනුම් දුන්නා.
යම් ගැටළුවකට මුහුණ දෙන ශ්‍රමිකයකුට තානාපති කාර්යාලය අමතා සහාය ලබා ගත හැකි බවයි එම නිවේදනයේ දැක්වුණේ.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.