යාපනයේ ආසාදිතයන් 7 දෙනාම ස්විස් දේවගැතිට සම්බන්ධයි

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණු තවත් රෝගීන් තිදෙනෙකුට එම වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමග යාපනයෙන් ආසාදිතයන් 07 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පවසනවා.
අදාල රෝගීන් 7 දෙනා පළමුව එක් අයෙකුත් දෙවනුව හා තෙවනුව රෝගීන් තිදෙනා බැගින් හදුනාගත් අතර එම රෝගීන් 07 දෙනාම වෛරසය වැළඳුනු ස්විස්ටර්ලන්ත දේවගැතිවරයාගේ දේව මෙහෙයන්ට සහභාගී වූවන් වශයෙන් හෙලි වී තිබෙනවා.
යාපනයෙන් වාර්තා වූ රෝගීන්ගෙන් එක් අයෙකු ස්විස්ටර්ලන්ත දේවගැතිවරයාගේ නිකායට සම්බන්ධ ශ්‍රී ලංකාවේ එම නිකායේ ප්‍රධානියා වශයෙන්ද කටයුතු කරන බව සදහන්.
අරියාලෙයි හීදී ස්විස් දේවගැතිවරයා විසින් පවත්වන ලද දේව මෙහෙය වෙනුවෙන් වව්නියාව, මන්නාරම හා යාපනය යන දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 300 කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බවට මේ වන විට තොරතුරු ලැබෙමින් පවතිනවා.
ඉන් 200 ක් පමණ මේ දක්වා නිරෝධායනය නොවී සැගව සිටින බවයි වාර්තාවන්නේ.- වන්නි – රොමේෂ් මධුසංඛ

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.