ලොව පුරා ආසාදිතයන් ලක්ෂ 12 ඉක්මවයි / මරණ 64,000 යි

ලෝකය පුරා  නව කොරෝනා වෛරසය ආසදනය වු සංඛ්‍යාව මේ වන විට දොලොස් ලක්ෂය ඉක්මවන බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසනවා.

අද පෙරවරුව වන විට වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව හැටහතර දහස ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිම ආසාදිත සංඛ්‍යාව වන තුන්ලක්ෂ එකොළොස් දහස් තුන්සිය පනස් හතක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්.

එරට කොරෝනා මරණ සංඛ්‍යාව ද ඊයේ දිනයේදී 1048 කින් ඉහළ ගොස් ඇති අතර එහි මරණ සංඛ්‍යාව 8452 ක් ලෙසයි සටහන් වී ඇත්තේ.එසේම අමෙරිකාවේ ආසාදිතයන් ප්‍රමාණය ඊයේ දිනයේදී තිස් දහසකින් වර්ධනය වුණා.

 

 

 

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.