ස්වෝත්සාහයෙන් නැගී සිටීමට වෙර දරන වීදි කලාකරුවන්ට ශක්තියක් සපයමින් හා නිසි ගෞරවයක් ලබාදෙමින් කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ ඉදිකළ විවෘත ප‍්‍රදර්ශන පුවරු එම කලාකරුවන් වෙත භාරදීම ඊයේ සිදුකෙරුණා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්.

ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, කොළඹ නගර සභාව සහ “අවකාශයේ අපි” වීදි කලාකරුවන්ගේ සංගමය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

එම සංගමයේ ලක්ෂ්මන් දිසානායක කලාකරුවා විසින් ලී පිළිස්සුම් කලාවෙන් චිත‍්‍රයට නගා තිබූ ජනාධිපතිවරයාගේ රුව ඇතුළත් චිත‍්‍රයක් මෙහිදී එම සංගමයේ සභාපති ඒ.සී. නුවන් මහතා විසින් පිළිගන්වා තිඛෙනවා.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.