කොරෝනා වැළදුණු මාධ්‍යවේදියා අත්දැකීම් හෙළිකරයි

කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ අමෙරිකානු මාධ්‍යවේදියකු වන ක්‍රීස් කුමෝ තමන් වෛරසයට මුහුණ දුන් සමයේ අත්දැකීම් මාධ්‍ය වෙත හෙළිකර තිබෙනවා.
ඒ සී එන් එන් පුවත් සේවය සමග සාකච්ජාවකට එක්වෙමින්.
වෛරසය වැළදීමෙන් පසු දින 12ක කාලයක් පුරා තමන් උණ රෝගී තත්ත්වයකින් පීඩා විදි බවයි මාධ්‍යවේදියා හෙලි කර ඇත්තේ.
එම උණ තත්ත්වය සෙල්සියස් අංශක 102 ක අගයක පැවති බවද ක්‍රිස් කුමෝ අනාවරණ කළා.
කොරෝනා ආසාදිතයකු ලෙස තමන්ට අසීරුතම සමය වූයේ රාත්‍රිය බවද ක්‍රිස් කුමෝ හෙලිකරනවා.
එහිදී ශ්වසන අපහසුතාවය හා හිසරදයද තමන් පීඩාවට පත් කළ බවයි ඔහු සදහන් කළේ.

එසේම රාත්‍රී කාලය තුල උණ රෝගී තත්ත්වය උත්සන්න වීම ආසාදිතයන් මුහුණ දෙන පීඩාවක් බව ඔහු කියා සිටියා.
එය ඔහු නම් කරනු ලැබුවේ මෘගයා දිනපතා මා වෙත ළගාවූයේ රාත්‍රියේදී යන අන්වර්ථ නාමයෙනුයි.

කෙසේ වෙතත් මාධ්‍යවේදියකු වන තමන්ට වෛරසය වැළදීම හරහා ජනතාවට එය දැනුවත් කිරීමට වැඩි අවස්ථාවක් හිමිවනු ඇතැයි සිතමින් වෛරස තත්ත්වයට මුහුණ දුන් බවද ඔහු සදහන් කරනවා.
රෝගී තත්ත්වයට ගොදුරුවීමෙන් පසු තමන්ගේ මූලික අරමුණ වූයේ තමන්ගෙන් තවත් අයකු ආසාදිතයකු බවට පත්වීම වැලැක්වීම බවද සී එන් එන් මාධ්‍යවේදියා ප්‍රකාශ කළා.
මේ වන විට තමන් පූර්ණ සුවය ලබා සිටින බැවින් ඉදිරියේදී යළි සේවයට එක් වන බවද ක්‍රිස් කුමෝ ප්‍රකාශ කර තිබෙනවා.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.