කොරෝනාවෙන් බැට කන අමෙරිකාවේදී ගත් කතා කරන පින්තූරයක්

කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් දැඩි පීඩාවකට පත්ව සිටිනවා.
ලෝකයේ බලවතා ලෙස සළකන අමෙරිකාවද වෛරසයේ බිහිසුණුම ගොදුරක් බවට පත්ව ඇත්තේ කිසිවකුත් අපේක්ෂා නොකළ ආකාරයටයි.
මේ වන විට ආසාදිතයන් ලක්ෂ 3ක් මෙන්ම මරණ 8,000 ක් ඉක්මවූ අමෙරිකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් රැසක්ද වෛරසයේ ව්‍යාප්තිය සමග අර්බුධයකට පත්ව සිටිනවා.
එහි ප්‍රබලත්වය පෙන්නුම් කරන අවස්ථාවක සේයාරුවක් අමෙරිකාවේ නිව්යෝර්ක් හී එල්ම්හස්ට් රෝහල ඉදිරිපිටදී ලබා ගැනීමට නිව්යෝර්ක් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියකු සමත්ව තිබුණා.
මේ එම රෝහලේ කාර්ය මණ්ඩලයේ හදුනානොගත් සාමාජිකයකු රෝහලෙන් පිටතට පැමිණ අහසට දෑත දිගුකර පිහිට ඉල්ලා සිටින ආකාරයයි.
ඒ සමග ලබාගත් දෙවන ජායාරූපයෙන් එම තැනැත්තා බලාපොරොත්තු සුන්වූ ආකාරයෙන් පෙනී යන බවයි නිව් යෝර්ක් පෝස්ට් පුවත්පත වාර්තා කළේ.
එයින්ම අමෙරිකාව මුහුණ දෙන මෙම ඛේදවාචකයේ පීඩාව හදුනාගත හැකි නොවන්නේද ?

 

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.