ඉතාලියේ ස්පාඤ්ඤයේ කොරෝනා මරණ ක්‍රමයෙන් පහළ යයි

ලෝකයේ වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් වාර්තා වූ ඉතාලිය ක්‍රමයෙන් එම අවදානමෙන් මිදෙමින් පවතින බව නවතම වාර්තා අනාවරණ කර තිබෙනවා.
ඒ අනුව එරට කොරෝනා මරණ සංඛ්‍යාවද ක්‍රමයෙන් පහත වැටෙමින් පැවතීම සුබවාදී තත්ත්වයක් ලෙසයි සැලකෙන්නේ.
ගතවූ පැය 24 තුල ඉතාලියෙන් නව කොරෝනා මරණ 525ක් වාර්තා වූ අතර එය දෙසතියකට පසු එරටින් වාර්තා වූ අවම මරණ ප්‍රමාණයයි.
එසේම නව අසාදිතයන් වාර්තාවීමද ඉතාලිය තුල ක්‍රමික අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා.
මේ දක්වා ඉතාලියෙන් කොරෝනා ආසාදිතයන් 129,000 ක් වාර්තාවන අතර මරණ 15,887 ක්ද ඊට ඇතුලත්.
මේ අතර කොරෝනා ආසාදිතයන් 130,000 ක් වාර්තාවන ස්පාඤ්ඤයේද කොරෝනා මරණ ප්‍රමාණය අඛණ්ඩව 3වන දිනටත් පහත වැටී තිබෙනවා.
ගතවූ පැය 24 තුල ද එරටින් වාර්තාවූ මරණ ගණන 674 ක්.
එහෙත් එරටින් වාර්තාවන ආසාදිතයන් ප්‍රමාණයද ක්‍රමයෙන් පහත වැටෙමින් පවතිනවා.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.