ශ්‍රී ලාංකික ඓතිහාසික මානවයාගේ ඉතිහාසය තුළ කිසිදු හිදැසක් නොමැති බවත් එම ඉතිහාසය අඛණ්ඩව ඉදිරියට ගලා ගොස් ඇති බවත් කලවකවානු තුළින් ඒ බව ස්ථාවරව ප්‍රකාශ කිරීමට හැකියාව ඇති වී තිබෙන බවත් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි.

කැලණිය විශ්වවිද්‍යාලය මඟින් සිදු කළ පර්යේෂණ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දඩයක්කරුවන්ගේ සංක්‍රාන්තිය නමින් පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මහාචාර්ය
රාජ් සෝමදේව මහතා මේ බව සඳහන් කළේ ය.

පසුගිය වසර ගණනාවක කාලය තුළ කැලණිය පශ්චාත් උපාධි ආයතනය සහ තම පර්යේෂන කණ්ඩායම් මඟින් සිදු කළ පර්යේෂණවල නව සොයාගැනීම් පිළිබඳව මහාචාර්යවරයා කරුණු හෙළි කළ අතර, එහිදී ශ්‍රී ලාංකික
මානව ඉතිහාසයේ ස්වකීය අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා සුවිශේෂී සාක්ෂි රැසක් හමු වූ බව සඳහන් කළේ ය.

වසර 1,25000ක ඉතිහසය තුළ විවිධ කලාප ඔස්සේ සංක්‍රමණික ජන කණ්ඩායම් පැමිණ තිබෙනවා. එම ඓතිහාසික තත්ත්වය බලන්ගොඩ මානවයාගෙන් අවසන් වුවත් නැවත තවත් යුගයක් ආරම්භ වෙනවා.ඉන් අනතුරුව සිදු කළ පර්යේෂණ අනුව අප කාල වකවානු සකස් කළා.ක්‍රි.පු.4000,ක්‍රි.පූ.6000 කාලය ගත්විටත් ඉතා දියුණු මොළයක් සහිත මානවයන් ජීවත් වූ බවට සාක්ෂි තිබෙනවා.

මෙම උරුමය ගවේෂණය කරන්නට,කාල නීර්ණය කරන්නට විශාල මුදලක් වැය කරන්නට සිදු වෙනවා.අපේ මුතුන් මිත්තන්ගේ උරුමය පිළිබඳව අපට සාක්ශි තිබෙනවා.අඛණ්ඩවත් ජෛවවිද්‍යාත්මකවත් අපේ මානව
ඉතිහාසයේ විකාශනය ඉදිරියට සිදුව තිබෙනවා.

පර්යේෂණවලින් අපට වැදගත් සාක්ෂි හමු වුණා. බලංගොඩ ප්‍රදේශයේ සිදු කළ කැණීම්වලින් එදා මානවයා ශාඛ ආහාර ගත් බවට.ඔවුන් දීර්ග කාලයක් එකම ස්ථානය රැදෙමින් සිටි බවට සාක්ෂි තිබෙනවා.එමෙන්ම වල් වී වර්ග
හමු වී තිබෙනවා.මීට අවුරුදු මිලියන 6000කට පෙර අපට වල් වී තිබූ බවට සාක්ෂි තිබෙනවා.එමෙන් ම සුනඛයෙක්ගේ හිසක කොටසක් හමු වුණා. බටු මීයන්ගේ ඇට සැකිළි හමු වුණා. ධාන්‍යවර්ග,ඇටවර්ග ගබඩා කළ බවට සිතිය හැකියි.

අපට හැකි වී තිබෙනවා. අපේ සමාජයේ අනන්‍යතාවය තහවුරු කිරීමටත් අපේම ඓතිහාසික සවිඥාණිකත්වය තහවුරු කිරීමටත් හැකි වී තිබෙනවා. බලංගොඩ ලුණුගල්ගේ කළ කණීම්වලින් වට්ටියක කොටස් හමුවුණා. මෙය
සුවිශේෂී සාක්ෂියක්. අපට සංස්කෘතික හා ජෛවවිද්‍යාත්මක උරුමයක් තිබෙන බවට සාක්ෂි තිබෙනවා.ඔවුන් සිතියම් ගත කිරීම් කර තිබෙනවා. ගලක් මත සිදුරු කර සකස් කළ සිතියමක් වැනි සටහනක් හමු වුණා. එය සුවිශේෂීයි. ජන සමාජය සංකීර්ණවීමත් ජනාවාස සීමා සම්බන්ධයෙන්ගේ ඓතිහාසික මානවයාගේ දැනුම ඉන් පෙන්නුම් කරනවා. මේ පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදු කෙරෙනවා. එමෙන් ම දත් නවයක් හමු වුණා. ඒව පර්යේෂණ සඳහා යොමු කළා. ඉන් තහවුරු කළා,කුඩා දරුවකුගේ දත් සහ මානවයන්ගේ හැලුණු දත් සහ මියගිය අයගේ දත් බවට. පැහැදිළි වෙනවා, එදා මානවයන් රංචු වශයෙන් දීර්ගකාලයක් එකම ස්ථානවල ජනාවාස සකසා ජීවත් වූ බවට.මෙම පර්යේෂණ තුළින් අපේ රටේ නියම උරුමය පිළිබඳව අවබෝධකරගැනීමට අවස්ථාව උදා වෙනවා යැයි ද මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසීය.- NEWS.lk

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.