ජගත් මහා මණ්ඩලයේදී අමෙරිකාව පරදීයි / ලංකාවත් අමෙරිකාවට එරෙහි වෙයි

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර බවට අමෙරිකාව කළ නිවේදනය ඉවත් කර ගතයුතු බවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව අතිබහුතර කැමැත්ත මත සම්මත කර තිඛෙනවා.
මෙම යෝජනාව මහා මණ්ඩලය තුළ විවාදයට ගෙන ඇත්තේ, ඊට පක්ෂ වන රටවලට ලබාදෙන ආධාර කපාහරින බවට ජනපති ට්‍රම්ප් අනතුරු ඇඟ වූ පසුබිමක් තුලයි.ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර බවට අමෙරිකාව ප්‍රකාශයට පත් කිරීමත් සමග අරාබි රටවල නායකයින් කළ ඒකාබද්ධ ඉල්ලීමක් මත මෙම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මෙම හදිසි සාකච්ඡාව කැඳවනු ලැබිණි.එහිදී පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව රටවල් 128 ක් ඡන්දය භාවිතා කරනු ලැබුවා.

චීනය, රුසියාව, මහා බ්‍රිතාන්‍ය, එක්සක් අරාබි එමීර් රාජ්‍ය මෙන් ම ශ්‍රී ලංකාව ද අමෙරිකාවට එරෙහි යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ රටවල් අතරට අයත්.

එම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කළේ, අමෙරිකාව, ඊශ්‍රායලය ඇතුලු රටවල් 9 ක් පමණයි.

රටවල් 35 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබුණා.

මේ අතර ඡන්ද විමසීමෙන් අනතුරුව ඊට ප්‍රතිචාර දැක් වූ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතනියාහු කියා සිටියේ, එම යෝජනාව තමන් කිසිසේත් පිළිනොගන්නා බවයි.

කෙසේ වෙතත් අදාළ යෝජනාව සම්මත කර ගැනීමට දායක වූ සියලු රටවලට පලස්තීනය සිය ප්‍රසාදය පළ කර තිඛෙනවා.

මේ අතර මීට සමාන යෝජනාවක් පසුගිය දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ලයේදී පරාජයට පත්වූ අතර ඊට හේතුවූයේ ආරක්ෂක මණ්ඩලයේ සෙසු රටවල් 14 ම ඊට පක්ෂව ඡන්දය භාවිත කලත් අමෙරිකාව සිය නිශේධ බලය යෙදවීමයි.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish