අමෙරිකා, ජපාන, ඔස්ටේ්‍රලියා යුධ අභ්‍යාසය කල් තබා සූදානම්වීමක් / චීනය කියයි

Sri Lanka

බටහිර පැසිෆික් සාගරයේ මයික්‍රොනීසියා කලාපයයට අයත් ගුවාම් හි එක්සත් ජනපදය ,ඕස්ට්‍රේලියාව සහ ජපානය පවත්වන ඒකාබද්ධ යුධ අභ්‍යාසය රුසියාවෙන් හෝ චීනයෙන් එල්ලවිය හැකි ප්‍රහාරයකට මුහුණදීමේ සූදානමක් බව සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පත පවසනවා.
කෝප් නෝර්ත් 2021 නමින් හැඳින්වෙන යුධ අභ්‍යාසය ,අද දිනයේ ආරම්භවූ අතර එය පෙබරවාරි 19 වනදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.
එම රටවල් තුනේ හමුදා සාමාජිකයන් 2,000 ක් හා ගුවන් යානා 95 ක් ද අභ්‍යාසයට යොදවා තිබෙනවා.
දකුණු චීන මුහුද ආශ්‍රිතව හටගත හැකි අවදානම පිළිබද බටහිර රටවල් හා ඔවුන්ගේ පාර්ශවය කල් තබා සැලසුම් සකස් කරන බවටයි චීන මාධ්‍ය වාර්තා චෝදනා කරන්නේ.
ඉදිරි මාසය තුල අමෙරිකාවට අමතරව ජපාන, ජර්මානු , බ්‍රිතාන්‍ය , ප්‍රංශ යුධ නෞකා දකුණු චීන මුහුදට ළගාවීමට නියමිතයි.
චීනය එය නම් කර ඇත්තේ බාහිර ආක්‍රමණ වර්ධනයවීමක් ලෙසයි.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *