ශක්තිමත් හවුල්කරුවෙකු වෙන්න / ඉන්දියාවෙන් ලංකාවට ඇරයුමක්

Sri Lanka

ශ්‍රී ලංකාවට නැගී එන ආයෝජන හා නිෂ්පාදන මර්මස්ථානයක් බවට පත්වීම සඳහා ඉන්දියාව සහාය දැක්වීමට සූදානම් බව මෙරට ඉන්දී්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජාකොබ් මහතා පවසනවා.
බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති වැඩසටහනක් අමතමින් ඔහු කියා සිටියේ ඒ සඳහා කැපවිය හැකි හොඳම රට ඉන්දියාව බවයි.
ඉන්දීය ආයෝජන හරහා , මෙරට තාක්ෂණික, යටිතල පහසුකම් , බලශක්තිය,ශ්‍රම ශක්තිය වර්ධනය ආදී අංශ වර්ධනය කළ හැකි බවද නියෝජ්‍ය මහකොමසාරිස්වරයා පෙන්වා දී තිබෙනවා.
මේ අතර ඉන්දියාවේ නිෂ්පාදනය කරන කොරෝනා එන්නත මහා පරිමාණයෙන් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සූදානමක් ඇතැයි ද මෙහිදී හෙලිකර තිබෙනවා.
එහි පවතින සාර්ථකත්වය හේතුවෙන් ලංකාව මෙවන් තීරණයකට එළඹ ඇති බවද මහ කොමසාරිස්වරයා පවසනවා.
මේ අතර දෙරට අතර ආයෝඩනවලදී දෙපාර්ශවයම ජයග්‍රහණය කරන මට්ටමින් ඒවා සිදුවිය යුතු බවයි නියෝජ්‍ය මහකොමසාරිස්වරයා පවසන්නේ.
කොරෝනා වසංගතය ජය ගැනීමට මෙන්ම දෙරටේ පොදු අභියෝග ජය ගැනීම සඳහා ශක්තිමත් හවුල්කරුවන් ලෙස ශ්‍රී ලංකාව සමග කටයුතු කරන බවද ඔහු මෙහිදී අවධාරණය කර තිබෙනවා.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *