ඉදිරි සතියේ තවත් පක්ෂ මාරු දෙකක් සිදුවිය හැකි බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්‍ත්‍රීවරයකු ශ්‍රීල.නි.ප.යටත් ශ්‍රීල.නි.ප රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් හොබවන ජ්‍යෙෂ්ඨයකු ඒකාබද්ධ විපක්ෂයටත් එක්වනු ඇති බවයි එම වාර්තා පවසන්නේ.

රජයට එක්වීම සඳහා ශ්‍රීල.නි.ප.ය සමඟ සාකච්ඡා කර ඇති ජ්‍යෙෂ්ඨයා අමාත්‍ය ධූරයක් අපේක්ෂා කරන බව කියන අතර ඔහු රාජපක්ෂ රජයේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. විපක්ෂයට යෑමට අපේක්ෂා කරන නියෝජ්‍ය අමාත්‍යවරයා දුෂ්කර පළාතක් නියෝජනය කරන්නෙකු වන බවයි සදහන් වන්නේ.

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ගැන පැතිර යන මෙබඳු ආරංචියක් සම්බන්ධව ඔහුගෙන් විමසූවිට හෙතෙම සඳහන් කළේ තමන් කණ්ඩායමක් වශයෙන් මිස තනිව කිසිදා පක්ෂ මාරු කර නැති බවයි.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.