හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයෙන් පැන ගිය ගල්ගමුවේ තනි දළයා නැමති හස්තියා එම ප්‍රදේශයට ආසන්න මොටහෝනෑව ප්‍රදේශයේදී සොයා ගෙන තිඛෙනවා.

ඒ, වනජීවි දෙපාර්තමේන්තුව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව කළ මෙහෙයුමකදීයි.

පසුගිය 21 වන දා තනි දළයා හොරව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයෙන් පැන ගියේ එහි ආරක්ෂිත වැට ද කඩා දමමින් වන අතර ඒ 3න් වන වරටයි.

හෙක්ටෙයාර් 1000 ක විශාලත්වයෙන් යුත් මෙම අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ගල්ගමුවේ තනි දළයා, හම්බෙගමුවේ නියපොත්තා ඇතුළු දරුණු ඝණයේ අලි ඇතුන් 33 දෙනෙකු පමණ රැඳවා සිටිනවා.

මේ අතර තනි දළයා පැන යාමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී තිඛෙනවා

ජංගම මුර සංචාරක කණ්ඩායම් කිහිපයකින් සමන්විත ව එම ආරක්ෂාව ලබාදී ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළා.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.