සුපිරි රංගන ශිල්පී ඉර්ෆාන් ඛාන් මිය යයි

ප්‍රකට බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන් මරණයට පත්ව තිඛෙනවා.
ඒ මුම්බායි හී රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
ස්නායු අන්තරාසර්ග පද්ධති ආශ්‍රිතව හටගැනෙන දුර්ලභ රෝගී තත්ත්වයකින් වසරකට වැඩි කාලයක් පීඩා විදීමෙන් පසුවයි ඉර්ෆාන් ඛාන් මරණයට පත්ව තිබුණේ.
තමන් දුර්ලභ රෝගයකින් පෙලෙන බව වසරකට පෙර ඔහු අනාවරණ කරනු ලැබුවා.
මිය යන විට 53 වෙනි වියේ පසුවූ ඉර්ෆාන් ඛාන් පිකු, මක්බූල්, හාසිල් සහ පාන් සිං තෝමර් යනාදිය ද ඇතුළත් සාර්ථක බොලිවුඩ් චිත්‍රපට 100ට වැඩි ප්‍රමාණයකට සිය රංගනයෙන් දායක වුණාා.
ඔහු රඟපෑ ඉංග්‍රීසි බසින් නිමවුණු චිත්‍රපට අතර ලයිෆ් ඔෆ් පයි, ජුරාසික් වර්ල්ඩ් ,.ස්ලම්ඩෝග් මිලියනයර්, සහ දි අමේසිං ස්පයිඩර් මෑන්ද ඇතුලත්.
ජාත්‍යන්තර වශයෙන් නමක් දිනා සිටි ඔහු මං පහරන්නෙකු බවට පත්වූ ඉහළ ගණයේ මලල ක්‍රීඩකයෙකුගේ චරිතය ආශ්‍රයෙන් නිමවුණු පාන් සිං තෝමර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරුපණය වෙනුවෙන් 2013 වසරේදී ඔහු ඉන්දියාවේ ජාතික සිනමා සම්මානය දිනා ගත්තා.
ද ලන්ච් බොක්ස් චිත්‍රපටයේ සිය සගයෙකුට එවන දිවා ආහාරවේල වැරදීමකින් ලබන තනිකඩ ගණකාධිකාරීවරයකුගේ චරිතයට පණදුන් ඉර්ෆාන් ඛාන් 2013 කාන් සිනමා උළෙලේ නරඹන්නන්ගේ තේරීම සම්මානයෙන් පිදුම් ලැබුවා.
එය එම වසරේදී ලන්ඩන් චිත්‍රපට උළෙලේ තරගකාරී අංශය සඳහා තේරුණු එකම ඉන්දීය සිනමාපටය ද වූයේ එයයි.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.