අනුරගෙන් මෛත්‍රීට චෝදනාවක්

හිටපු ජනපතිවරයා මෙන්ම වත්මන් ජනාධිපතිවරයාද සිය ගමන් යෑම සඳහා හෙලිකොප්ටර් දෙකක් භාවිත කරන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
බදුල්ලේදී පැවැති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ බලයට පැමිණීමට පෙර පැවැති පාලනයට චෝදනා කළ පිරිස් අද වන විට එම වරදම සිදුකරමින් සිටින බවයි.

“අපිට මතකයි ඉස්සර මහින්ද මහත්තයා කොළඔ ඉදන් ඈත පළාත්වලට එනකොට හොලිකොප්ටර් 2 කින් ආවා . අපි ඒක විවේචනය කළා . දැන් මෛත්‍රී මහත්තයත් එන්නේ හෙලිකොප්ටර් 2 කින් අපිට සාමාන්‍යයෙන් පිළිගන්න පුථවන් කාර් දෙකක් යනවා නම් එක කාර් එකක හුලං ගියොත් අනෙක් කාර් එකේ නගින්න පුළුවන් . උඩින් හෙළිකොප්ටර් 2 ක් යන්නේ එකක ප්‍රශ්නයක් ආවොත් අනෙක් එකට පනින්නද ?

මොකද මෛත්‍රී මහත්තයා ගුවන්කරනම් ඉගෙන ගන්නද ?

අගැමැතිතුමා රුපියල් ලක්ෂ 5993 කට කාර් දෙකක් ගත්තා . එකක වටිනාකම ලක්ෂ 3000 ක් කෝටි 30 ක්. බදුල්ල මහ නගර සභාවේ වාර්ෂික ආදායම කෝටි 25 යි .

මේ කාර් එකෙන් පාර්ලිමේන්තු එන කල් ඉන්නේ ගිහින් බලන්න මොකකද් මේ කාර් එක කියලා . ඒ නයිට් රයිඩර් කාර් එක වගේ එකක්ද කියලා. එතුමා විපක්ෂනායක කාලේ එහෙම නෑ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish