සුපිරි බොලිවුඩ් නළු රිෂී කපූර් මිය යයි

බොලිවුඩයේ ප්‍රවීනතම රංගන ශිල්පියකු වූ රිෂී කපුර් මරණයට පත්ව තිඛෙනවා.
ඒ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
මිය යන විට ඔහු 67 වන වියේ පසුවුණා.
1952 වසරේ සැප්තැම්බර් 4 වනදා උපත ලද ඔහු 1970 සිට මේ දක්වා වසර 50 කාලයක් බොලිවුඩ් සිනමාවට දායකත්වය ලබාදී තිබුණා.
මුල්වරට ඔහු රංගනයෙන් දායක වූයේ සිය පියා වන සුප්‍රකට බොලිවුඩ් රංගන ශිල්පියකු හා අධ්‍යක්ෂවරයකු වූ රාජ් කපූර්ගේ මේරා නාම් හේ ජෝකර් සිනමා පටයේ ළමා චරිතයක් සදහායි.
1976 කබී කබී, සර්ගම් ,දුනියා , නාගීනා,සින්දූර්, ජායි හින්ද් ඇතුලු සිනමා පට සිය ගණනක් වෙනුවෙන් ඔහු දායකත්වය ලබාදී තිඛෙනවා.
රෝගී තත්ත්වයෙන් පීඩා විදිමින් සිටියදී පවා සර්මාජි නම්කීන් සිනමා පටයේ රංගනයට ඔහු එක්ව සිටි අතර එහි රූගත කිරීම් නිමාවීමට පෙරයි රිෂි කපූර් දිවියෙන් සමුගෙන ඇත්තේ.
වසර 50 ක සිනමා ගමනේදී හොදම නළුවාට හිමි ෆිප්ම් ෆෙයාර් සම්මාන රැසක් හා ජාත්‍යන්තර සම්මාන රැසක්ද ඔහු විසින් හිමිකරගෙන තිඛෙනවා.
රිෂි කපූර්ගේ මරණය පිළිබද අදහස් දක්වමින් සුපිරි බොලිවුඩ් රංගන ශිල්පී අමිතාබ් බච්චන් ප්‍රකාශ කළේ සිය සමකාලීන මිතුරාගේ මරණය තමන් තුල දැඩි විනාශකාරී හැගීමක් ඇති කළ බවයි.
රිෂී කපූර්ගේ සොහොයුරා වූ සුපිරි නලු ශෂී කපූර් ද පසුගිය සමයේ මරණයට පත්වුණා.
මිය ගිය රිෂී කපූර්ගේ පුත්‍රයා වන්නේ ජනප්‍රිය රංගන ශිල්පී රන්බීර් කපූර්.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.