මනුෂ්‍යත්වය රජයන නත්තලකට ජනපතිගෙන් සුබපැතුම්

අසිරිමත් විශ්ව මංගල්‍යයක දේශීය කොටස්කරුවන් වෙමින් මෙවර නත්තල සමරන සහෝදර කිතුනු ජනතාවට සුබපැතුම් පිරිනමන්නේ යැයි නත්තල වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ඒ සුබපැතුම් පණිවිඩයේ මෙසේද සඳහන් වෙයි:

දේවත්වය සහ මනුෂ්‍යත්වය එකට මුණගැසෙන අපූර්ව සන්ධිස්ථානයක් ලෙස නත්තල එදා-මෙදා තුර මානව ඉතිහාසයේ සුවිශේෂ භූමිකාවක් හිමි කරගෙන සිටී. ‍

ජේසු-ක්‍රිස්තුන් වහන්සේ උපත ලබන්නේ අවිචාරය, අසමානත්වය හා ක්‍රෑරත්වය මුල්බැසගෙන පැවති සමයකය. දේව වරමක මහිමය හිස දරා සිටියේ වුවද උන් වහන්සේ එකී දුර්ගුණ මැඬ-ලීම උදෙසා සමස්ත මිනිස් වර්ගයාටම ආමන්ත්‍රණය කළේද මඟ පෙන්වනු ලැබුවේද සාමාන්‍ය මනුෂ්‍ය සමාජයේ සාමාජිකයකුට අත්විඳීමට සිදු විය හැකි සියලු උවදුරුවලට මැදි වෙමිනි. එදා මිහිපිට ජීවත් වූ මිනිසාට මිනිස්කමේ ගැඹුරද ඒ තුළ රඳවාගත යුතු පරමාදර්ශි ගුණයද නිවැරදිව හඳුනාගැනීමට හැකි වූයේ ඒ අනුවය.

අද මුළුමහත් ලෝකය ඉදිරියේ ඇති දැවැන්ත අභියෝග පිළිබඳ සලකා බැලීමේදී අප ඊට විසඳුම් සොයා යා යුතු මඟ ඒ තුළ මැනවින් සටහන් වී තිබේ. එනම්: මනුෂ්‍යත්වය මුල් කරගනිමින් සියල්ලට විසඳුම් සොයාගත හැකි වන වගය. එහිදී තමාද ජය ගනිමින් අනෙකා කෙරෙහි දක්වන දයාව හා කරුණාව අවසානයේ සමස්ත මානව වර්ගයා සහජීවනය වෙත යොමු කරවන බවයි. මනුෂ්‍යත්වයට එරෙහිව එල්ල වී පවතින සැම ගිනි අවියක්ම නිහඬ කර, සාමයේ සිසිලස තුළ අනාගතය ප්‍රභාවත් කරගත හැක්කේ එවන් මඟක යන ගමනකය.

ඒ උත්තරීතර චින්තනය සැබෑ කරන්නා වූ ඒ මියුරු රිදී සීනු නාදය මේ නත්තලේදී ලොව පුරා දසදෙස රැව් නැඟේවා!

සමස්ත ලෝකවාසි කිතුනු ජනතාවට සාමය, සෞභාග්‍යය සහ සතුට සපිරි සුබ නත්තලක් වේවා යි ශුභාශංසන පළ කරමි.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish