මුලතිව් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටි දෙදෙනකු මරුට

මුලතිව් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා සිටි පුද්ගලයන් දෙදෙනකු අද දිනයේ මරණයට පත්ව තිඛෙනවා.
ඔවුන් කොලඹ ගුණසිංහපුර ප්‍රදේශයේ සිට නිරෝධායනයට යොමුකළ නිවාස අහිමි පුද්ගලයන් දෙදෙනකු බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සදහන් කළේ.
මේ අතරින් එක් පුද්ගලයකු අද පෙරවරුවේ මරණයට පත්ව තිබූ අතර අනෙක් තැනැත්තා මියගොස් තිබුණේ පස්වරුවේදීයි.

මෙම පුද්ගලයන් දෙදෙනාම වයෝවෘද්ධ පුද්ගලයන් බවද එම වාර්තා අනාවරණ කළා.
කෙසේ වෙතත් ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනයවී ඇත්දැයි මෙතෙක් අනාවරණවී නැහැ.
ඊට අදාළ පරීක්ෂණ වාර්තා හෙට දිනයේදී ලැබීමට නියමිතව තිඛෙනවා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

17

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.