උතුරු කොරියානු නායකයාට පණ එයි / දින 20කට පසු මතුවෙයි

ජාත්‍යන්තර මාධ්‍ය විසින් මිය ගිය බවට වාර්තා පළ කළ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් දින 20 කට පසුව යළි මතුවී තිඛෙනවා.
ඒ අනුව පියොන්ග්යැන්ග් හී පොහොර කර්මාන්තශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් එහි රිබන් පටියක් කපා දමන ආකාරය සහිත දර්ශනයක් ප්‍රචාරය කිරීමටයි උතුරු කොරියානු රජයේ මාධ්‍ය කටයුතු කර ඇත්තේ.
එහිදී දින ගණනාවකට පසු කිම් ජොන්ග් අන් දුටු ජනතාව ඔල්වරසන් නැගූ බවට ද අදාළ වාර්තා ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් උතුරු කොරියාවේ මෙම ප්‍රචාරය මෙතෙක් තහවුරු කිරීමට ස්වාධීන ජාත්‍යන්තර මාධ්‍ය කටයුතු කර නැහැ.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ජායාරූප නවතම ඒවාදැයි දැන ගැනීමට තවත් දින ගණනාවක් ගතවිය හැකි බවයි.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.