මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ දී මියගිය දෙදෙනාට කොරෝනා නෑ

මුලතිව් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයක ඊයේ සිදු වූ මරණවලට හේතුව නව කොරෝනා වෛරසය නොවන බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. වයස්ගත පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස මිය ගොස් ඇති අතර සමාන්‍ය හේතුන් නිසා මරණ සිදු වී ඇති බවයි වෛද්‍ය පරීක්ෂණවලින් වැඩිදුරටත් තහවුරු වී ඇත්තේ.
මුලතිව් හි පිහිටි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටිය එම පුද්ගලයින් දෙදෙනා විවිධ රෝග වලින් පෙළී ඇති අතර ආරක්ෂක අංශවල වෛද්‍යවරුන් විසින් ඔවුන්ට අවස්ථා කිහිපයකදීම ප්‍රතිකාර ලබාදී තිබුණා.
වයස්ගතවීම නිසා ඇතිව තිබු සාමාන්‍ය අසනීප තත්ත්වයන් හේතුවෙන් මෙම පුද්ගලයින් දෙදෙනා මියගොස් ඇති බවට වෛද්‍ය පරීක්ෂණ වලදී අනාවරණය වූ බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.