ඉතාලියේ කොරෝනා මරණ යළි වර්ධනය වෙයි

ඉතාලියේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව යළිත් වර්ධනය වී තිඛෙනවා.
ඒ අඛණ්ඩව එරට මරණ සංඛ්‍යාව පහත යාමෙන් දින ගණනාවකට පසුවයි.
දෙවන කොරෝනා රැල්ලක් පිළිබද එරට අනතුරු ඇගවීම් නිකුත්ව ඇති අවස්ථාවකයි මෙම තත්ත්වය වාර්තාවී ඇත්තේ.
ඒ අනුව ගතවූ පැය 24 තුල ඉතාලියෙන් නව කොරෝනා මරණ 474 ක් වාර්තා වූ බවයි ඉතාලි සෞඛ්‍ය අංශ පවසන්නේ.
ඊයේ දිනයේදී එරටින් වාර්තා වී තිබුණේ කොරෝනා මරණ 269 ක් පමණයි.
මේ දක්වා ඉතාලියේ සිදුව ඇති කොරෝනා මරණ ගණන 28,710ක් වනවා.
රැතවූ පැය 24 තුල එරටින් වාර්තා වූයේ කොරෝනා ආසාදිතයන් 1900 ක් පමණයි.
ඒ සමග එරට සමස්ථ කොරෝනා ආසාදිතයන් ගණන 210,000 ක් බවටයි පත්ව ඇත්තේ.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.