උතුරු හා දකුණු කොරියානු දේශසීමාවේ වෙඩි හුවමාරුවක්

උතුරු හා දකුණු කොරියානු හමුදා අතර දෙරටේ දේශ සීමාවේදී වෙඩි හුවමාරුවක් සිදුව තිඛෙනවා. අල් ජසීරා පුවත් සේවය සදහන් කළේ අද උදෑසන මෙම වෙඩි හුවමාරුව වාර්තාවන බවයි.
වාර්තාවක් නිකුත් කරමින් දකුණු කොරියාව කියා සිටියේ උතුරු කොරියානු හමුදා විසින් කිසිදු හේතුවකින් තොරව සිය දේශසීමාවේ පිහිටි මුර කුටි වෙත වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි.
ඊට ප්‍රතිචාර ලෙස වෙඩි ප්‍රහාර මාලා දෙකක් එල්ල කළ බවද දකුණු කොරියාව පවසනවා.
උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ලෝකයෙන් වසන්වී සිටි දින 20කට පසු යළි පැමිණීමෙන් පසු මෙම වෙඩි තැබීම සිදුකිරීම විශේෂත්වයක්.
දෙරටේ හමුදා අතර මෙවන් වෙඩි හුවමාරුවක් සිදුව තිබුනේ වසර 3කට පසුවයි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.