

පසුගිය වසර 8ක කාලය තුල ලබාදී ඇති ණය වෙනුවෙන් සහනයක් ලබා දෙන්නැයි පකිස්ථානය චීනයෙන් ඉල්ලීමක් සිදුකිරීමට නියමිතව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ දැවැන්ත ණය අර්බුධයක පකිස්ථානය පැටලීම හේතුවෙන් බවයි එම වාර්තාවන් පෙන්වා දෙන්නේ.
චීනය විසින් පකිස්ථානයේ වරාය හා බලාගාර ආශ්රිත ව්‍යාපෘති වෙනුවෙන් මහා පරිමාණයෙන් ණය ලබාදී ඇති අතර එම ණය යලි ගෙවා ගැනීමේ අර්බුධයක් මතුව ඇතැයි ද අදාළ වාර්තා පවසනවා.
මේ යටතේ පකිස්ථානයේ දූපත් කිහිපයක් විශේෂ ව්‍යාපෘති වෙනුවෙන් චීනයට පවරා ඇති අතර ඊට එරෙහිව මහජන විරෝධතා ක්‍රියාත්මකයි.
මේ අතර වාර්තාවක් නිකුත් කරමින් ඉකොනොමික්ස් ටයිම්ස් පුවත්පත පවසන්නේ පකිස්ථානය වැටී ඇති අර්බුධකාරී තත්ත්වයට ලංකාව, මලයාසියාව වැනි රටවල් ද ගමන් කරමින් පවතින බවයි.
කෙසේ වෙතත් පකිස්ථානයේ තත්ත්වය වඩාත් බරපතල බවද එම වාර්තා පෙන්වා දෙනවා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476