කොරෝනා විද්‍යාගාරයකින් කාන්දු නොවූ බවට WHO ප්‍රකාශය අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

Sri Lanka

චීනයට ළගාවූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂකයන් කණ්ඩායම විසින් කොරෝනා වෛරසය විද්‍යාගාරයකින් කාන්දුවූවක් නොවන බවට සිදුකළ ප්‍රකාශය අමෙරිකාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් කියා සිටියේ අමෙරිකාවේ ස්වාධීන පරීක්ෂණයකින් මිස මේ බව පිළි නොගන්නා බවයි.
තම රට තුලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයන්ට පැමිණීමට ඉඩ දුන් ආකාරයෙන් වෛරසයේ ආරම්භය පිළිබද අමෙරිකාව තුල ද පරීක්ෂණ කිරීමට ඉඩ ලබා දෙන්නැයි චීනය සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
නෙඩ් ප්‍රයිස් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වසංගතයේ ආරම්භයේ සිටම චීනය සැබෑ දත්ත ලෝකයෙන් වසන් කළ බවයි.එසේම වසරක් පමණ ගත වන තෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයට චීනයට පැමිණීමේ අවසරය ලබා නොදීම ද මෙහිදී අවදානයට ලක්විය යුතු බවයි ඔහු පැවසුවේ.
එබැවින් එරට තුල ස්වාධීන විමර්ෂණයක් කිරීමේ හැකියාවද අමෙරිකාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වන චීනය පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගත් කරුණක් අමෙරිකාවේ විමර්ෂණවලින් තහවුරු කිරීමට අවශ්‍යතාවයක් නොපවතින බවයි.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *