කොරෝනා වැළදුණු නාවික සෙබළුන් 12කට සුවයි

කොවිඩ්-19 රෝගය වැළඳුණු නාවික හමුදා සෙබළුන්ගෙන් අද වනවිට දොළොස් දෙනෙකු සම්පූර්ණ සුවය ලබා ඇති බව නාවික හමුදාව පවසයි.

ඊයේ කොවිඩ්-19 රෝගය වැළඳුනු තවත් පුද්ගලයින් 20 දෙනෙකු හඳුනා ගැණින. ඔවුන්ගෙන් 15 දෙනෙකු ආරක්‍ෂක අංශ සාමාජිකයන්. තවත් අයෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනා ගැණින.

කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට අද වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 03ක්. ඔවුන් සියලු දෙනාම ආරක්‍ෂක අංශ සාමාජිකයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඊයේ දිනය තුළ ද වාර්තා ගත පී.සී.ආර්. පරීක්‍ෂණ සංඛ්‍යාවක් සිදුකර ඇති අතර එම සංඛ්‍යාව 1,491ක්.

කොවිඩ්-19 රෝගය නිසා සිදුවූ මෙරට 09 වැනි මරණය ඊයේ වාර්තා විය. ඇය ජීවත් වූ මෝදර ප්‍රදේශයේ නිවාස සංකීර්ණයේ එක් කොටසක් මේ වනවිට හුදෙකලා කොට තිබේ. එහෙත්, එම නිවාස සංකීර්ණයේ සියලු මහල් නිවාසවල වෙසෙන ජනතාවට එම භුමියෙන් පිටතට යාම හෝ කිසිදු බාහිර පුද්ගලයෙකුට ඇතුලුවීම සම්පූර්ණයෙන් තහනම්. ඔවුන්ගෙන් තෝරාගත් 75 දෙනෙක් පී සී ආර් පරීක්‍ෂණය සඳහා යොමු කෙරිණ.

සිය නිරෝධායන කාලසීමාව අවසන් කළ තවත් 27 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් අද පිටව ගියේය. ඔවුන් කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් කොවිඩ්-19 රෝගීන් හමුවීමත් සමඟ එම නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ පුද්ගලයින්. ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව නිරෝධායනයෙන් මුදා හැරිණ.

5685

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2215

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.