ලෝකයේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 40 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව හතලිස් ලක්ෂය ඉක්මවා ඇති බව ජෝන් හොප්කින්ස් සරසවිය පවසනවා.

මියගිය ගණන 276,235ක් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. 1,385,412 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා තිබෙනවා.

කොරෝනා හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වුනේ ඇමරිකා එක්සත් ජනපදයට. තහවුරු කරගත් ආසාධිතයන් ගණන 1,321,785ක්. ස්පාඤ්ඤය, ඉතාලිය, එංගලන්තය, රුසියාව, ප‍්‍රංශය සහ ජර්මනියද දැඩි බලපෑම් එල්ලවූ සෙසු රටවලට ඇතුලත්.

මේ අතර අයර්ලන්තය හැර වෙනත් ඕනෑම රටක සිට එංගලන්තයට පැමිණෙන පුද්ගලයන් දින 14 ක නිරෝධායනයට ලක්කිරිමට තීරණය කර තිබෙනවා. මේ මාසයේ අග සිට එය ක‍්‍රියාත්මක කරන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. නව නීති ක‍්‍රියාත්මක වන කාලය සම්බන්ධයෙන් මෙතෙක් නිල දැනුම්දිීමක් සිදුකර නැහැ.

ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් කැටි මිලර් ද කොරෝනා ආසාධිතයෙකු බව තහවුරු කරගෙන තිබෙනවා. ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ආරක්ෂකයෙකුට ද කොරෝනා ආසාධනය වී ඇති බවට ඊයේ හදුනාගත්තා. ඒ අනුව සියලු ආරක්ෂකයන් සහ නිලධාරීන් දෛනිකව කොරෝනා පරික්ෂාවකට ලක්කිරිමටයි ධවල මන්දිරය තීරණය කර තිබෙන්නේ.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.