උදාවූ නත්තල සියලු ලාංකිකයින්ට සුබම සුබ නත්තලක් හා සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරන බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සම සංවිධායක ජේ සී අලවතුවල මහතා පවසනවා.

සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා පවසන්නේ ලාංකිකයින් ලෙස සාර්ථක ඉදිරි ගමනක් යාමට නව වසර සමග සියල්ලන්ටම අවස්ථාව උදාවනු ඇති බවයි.

ඒ අනුව සංවර්ධනාත්මක ඉදිරි ගමනක් වෙනුවෙන් එක්සත්ව එක්සිත්ව කටයුතු කිරීමට මෙම නත්තල් දිනයේදී හා නව වසරේදී සියලු දෙනාට අවස්ථාව උදාවේවායිද ජේ සී අලවතුවල මහතා ප්‍රාර්ථනා කර තිඛෙනවා.
විදෙස්ගත ලාංකිකයින් වෙනුවෙන් ද හෘදයාංගමව මෙම සුබ පැතුම පල කරන බවයි මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

 

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.