එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය 2021 ජනවාරි මාසයට ?

කෙරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමගම කල්දමන ලද එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය ලබන වසරේ ජනවාරි මාසයට යොදාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් ටෙස්ට් තරග 2 කින් සමන්විත වූ මෙම තරගාවලිය පසුගිය මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබිණ. මෙම තරගාවලියට සහභාගිවීම සඳහා එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ සිටියද COVID 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව වසා දැමීම නිසා එංගලන්ත කණ්ඩායමට ආපසු පිටත්ව යාමට සිදුවිය.

ICC ටෙස්ට් නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාව මේ වන විට ලෝකයේ හොඳම කණ්ඩායම් 5 අතරට එක්ව සිටී. ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 91 ක් ලබා 5 වැනි ස්ථානයේද, එංගලන්තය ප්‍රසාද ලකුණු 105 ක් ලබා 4 වැනි ස්ථානයේද සිටී. – SBS

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.