බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේදයේ මීළග විකෘතිය ගැන බරපතල අනතුරු ඇඟවීමක්

Sri Lanka

එංගලන්තයෙන් හමුවූ නව කොරෝනා ප්‍රභේදය සමස්ථ ලෝකය පුරාම පැතිරයාමේ අවදානමක් පවතින බව බ්‍රිතාන්‍යයේ වෛරස මර්ධන ඒකකය පවසනවා.
මේ වන විට රටවල් 50ක පැතිර ඇති එම වෛරසය තවත් විකෘතීන් සහිතය සෑම රටකටම ගමන් කළ හැකි බවයි මහාචාර්ය ෂැරොන් පීකොක් බී බී සී පුවත් සේවය වෙත අදහස් දක්වමින් සදහන් කළේ.
දැනට බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේදයට එරෙහිව සාර්ථකවීමට කොරෝනා එන්නත් සමත්ව තිබුණ ද එම ප්‍රභේදයේ මීළග වෙනස්විම ලෝකයටම බරපතල වන බවද බ්‍රිතාන්‍යයේ වෛරස මර්ධන ඒකකයේ අධ්‍යක්ෂකවරයා පෙන්වා දී තිබෙනවා.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වසර 10ක් වැනි කාලයක් පුරා මෙම ප්‍රභේදය ලෝකයට විවිධ ආකාරයෙටන් බලපෑ හැකි බව දැනට සිදුකළ අධ්‍යයන මගින් හෙළිව ඇති බවයි.
මේ වන විට බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයන් පහත යමින් තිබුණ ද අනාගත තත්ත්වයන් පිළිබද දැනට අදහස් පල කළ නොහැකි බවයි මහාචාර්යවරයා පවසන්නේ.
එරටින් වාර්තා වූ කොරෝනා ප්‍රභේදය , බී1.1.7 ලෙසින් නම් කළ අතර කෙන්ට් වෛරසය ලෙසද එය නම් කර තිබෙනවා.
ඒ අනුව බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේදයේ අනාගත අවදානම් පිළිබද විද්‍යාඥයන් පර්යේෂණ සිදුකරන බවයි බී බී සී ය පවසන්නේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *