වසා ඇති ජාත්‍යන්තර පාසල් දෙමාපියන්ගෙන් ගාස්තු ඉල්ලන බවට පැමිණිලි

පාසල් වසා දමා තිබුණද ජාත්‍යන්තර පාසල් හා පුද්ගලික පාසල්වලින් පාසල් ගාස්තු ඉල්ලමින් දිගින් දිගටම බලපෑම් කරන බවට දෙමාපියන් රැසකගෙන් අධ්‍යාපන අමාත්‍යංශය වෙත පැමිණිලි ලැබී තිබෙනවා.

එහෙත් මේ පුද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් වෙළෙඳ අමාත්‍යංශය යටතේ සමාගම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලයේ සමාගම් ලෙස ලියාපදිංචි කර ඇති නිසා අධ්‍යාපන අමාත්‍යංශයට ඒවා ඍජුව පාලනය කිරීමේ හෝ ඒවාට නියෝග නිකුත් කිරීමේ බලයක් නොමැති බව සදහන්.

දිගින් දිගටම පාසල් නොපැවැත්වීම නිසා පාසල් පවත්වා ගෙන යාමට වියදමක් මේවාට වැය නොවන අතර ගුරුවරුන්ගේ හා අනෙකුත් කාර්ය මණ්ඩලවල වැටුප් පමණක් ගෙවීම සිදු කරනු ලබනවා.

මේ අතර දෙමාපිය පැමිණිලි සැලකිල්ලට ගත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එන්.එච්.එම්. චිත‍්‍රානන්ද මහතා රටේ මතුව තිබෙන ව්‍යසනකාරී තත්වය මත පාසල් නොපැවැත්වෙන බැවින් ජාත්‍යන්තර පාසල් හා පෞද්ගලික පාසල් සිසු දරුදැරියන්ට පාසල් ගාස්තු අයකිරීමේ දී සහනයක් ලබා දෙන ලෙස පුද්ගලික පාසල්වලින් හා ජාත්‍යන්තර පාසල්වලින් ඉල්ලීමක් කර තිබෙනවා.

සිතූ සිතූ ආකාරයට පාසල් ගාස්තු අයකිරීම්, පාසලට ඇතුළත් කිරීමේදී විශාල ගාස්තු අයකිරීම් සිදු කරන්නට මේවා කටයුතු කරමින් සිටින අතර දරුවන්ට ඉහළ පහසුකම් ඇති රජයේ පාසල් වල ඉඩකඩ සීමිත බැවින් කවර අපහසුතා මත හෝ ඒවාට දරුවන් ඇතුළු කිරීම හැර දෙමාපියන්ට වෙනත් විකල්පයක්ද පවතින්නේ නැහැ.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.