කුරණෑගල දිස්ත්‍රික්කය සඳහා මැතිවරණය අත්හිටුවන්නැයි පෙත්සමක්

අපේ ජන බල වේගය පක්ෂය, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කුරූණෑගල දිස්ත්‍රික්කයෙන් පත්කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් ආඥා පෙත්සමක් ගොනු කළා.

තමන් ඇතුළු අපේක්ෂකයින් පිරිසක් විසින් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයේ, දිවුරුම් ප්‍රකාශයක පවතින දෝෂ සහිත තත්ත්වයක් බව පෙන්වා දෙමින් කුරුණෑගල  තේරීම් භාර නිලධාරයා විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බැවින් එම තීරණය නිත්‍යානුකූල නොවන බවට තීරණය කර, බලශුන්‍ය කරන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, සිය පෙත්සම විභාගයට ගෙන අවසන් කර තීන්දුවක් ලබාදෙන තුරු කුරණෑගල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.

5685

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2215

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.