හිටපු ඇමති රාජිත දෙසතියකට රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයී මෙසේ රක්ෂිත බන්ධානාගර ගත කිරීමට නියෝග කෙරුණේ. පසුගිය දෙසැම්බර් 30 වනදා  ඔහුට ඇප ලබාදෙමින් සිදුකළ තීන්දුව අත්හිටුවීමට කොළඹ මහාධිකරණය තීන්දු කිරීමෙන් පසුවයි මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවුණේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. සුදු වෑන්වලින් තරුණයින් පැහැරගත් බවට සදහන් කරමින් ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පැවැත්වීම මුල්කර ගනිමින් රාජිත සේනාරත්න මහතාට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක කෙරුණා.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.