සමාජ ජාල ඔස්සේ බෙදාහැර ඇති ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ලෝකයේ පැතිරී යන වසංගත තත්ත්වය හේතුවෙන් විදේශගත ශ්‍රී ලාංකිකයින් මුහුණ දී ඇති මුල්‍ය අපහසුතා හේතුවෙන් ඔවුන්ට සහනයක් සැලසීමේ අරමුණින් වැටුප් දීමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇති බවට පවසමින් අදාළ ලිපිය අන්තර්ජාලය ඔස්සේ බෙදාහැර ඇති අතර ඒ ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශිර්ෂයද භාවිතා කරමිනුයි

එමගින් අදාළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ බැංකු ගිණුම් ඇතුළු තොරතුරු ද අපේක්ෂා කර තිබුණා.

ජනාධිපති මාධ්‍ය අංශය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම ලිපිය ව්‍යාජ එකක් බවයි.

මෙම ලිපිය සමාජ මාධ්‍ය ඔස්සේ සමාජ ජාල පරිශීලකයින් වෙත යැවීමට යම්කිසි දේශපාලන කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බව ද ට්විටර් පණිවුඩයේ සඳහන්.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.