දිරි සති දෙක තුළ ඉතාමත් තීරණාත්මක බැවින් මහජනයා සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළහොත් කෝවිඩ් වසංගතය ශි‍්‍ර ලංකාවේන් සදහටම තුරන් කළ හැකි බව හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

රටේ තීරණයාත්මක ඉදිරි සති දෙක සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් හමුදාපතිවරයා මේ බව සදහන් කළා.

දැනට ආසාදිතයන් වාර්තා වන්නේ විවෘත සමාජයෙන් නොව නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයන්ගෙන් පමණක් බවත් ජනාධිපති ප‍්‍රමුඛ රජය , සෞඛ්‍ය අංශ ඇතුළු සියලූ දෙනා කැපවීමෙන් කටයුතු කළේ විවෘත සමාජයෙන් නොව නිරෝධාන මධ්‍යස්ථාන වලින් පමණක් රෝගී හමුවීමට සදහා බලා ගැනීමට බවත් එම තත්ත්වයට දැන් රට පත්ව ඇති බවද හමුදාපතිවරයා පැවසුවා.

ඉදිරි සති දෙක ඉතාමත් තීරණාත්මක බැවින් සමස්ත ජනතාව ඉතාමත් වගකීමෙන් කටයුතු කළ යුතු බවද හමුදාපතිවරයා කියා සිටියා.

ජනතාව වෙනුවෙන් පනවා තිබු සීමා ක‍්‍රමයක් ක‍්‍රමයෙන් ලිහිල් කරමින් තිබෙන අවස්ථාවක මහජනයා හා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් මහජනයා සෞඛ්‍ය උපදෙස් කි‍්‍රයාත්මක නොකළහොත් අපි මෙතෙක් කාලයක් මහත් කැපවීමෙන් ලබාදුන් ජයග‍්‍රහනය ගිලිහී යන බවද හමුදාපතිවරයා වැඩිදුරත් සදහන් කළා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.