ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ අතකොළුවක්ද ?

තායිවානයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සදහා සහය දැක්වීමට චීනය ඉදිරිපත් කළ පළමු කොන්දේසිය තායිවානය විසින් දැඩිව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
චීනය විසින් ප්‍රකාශ කර තිබුණේ තායිවානය චීනයේ කොටසක් ලෙස පිළිගන්නේ නම් පමණක් තායිවානයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට සහය පල කරන බවයි.
එවන් සාමාජිකත්වයක් ලබාගත් හැක්කේ චීනයේ කොටසක් ලෙස මිස රටක් ලෙස නොවන බවටද තායිවානයට දැනුම්දී තිබුණා.
ඒ පිළිබද පැහැදිලි කරමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ තායිවානය තම යෝජනාවට එකග නොවන්නේ නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට ඔවුන්ට අවස්ථාවක් ලබා නොදෙන බවයි.
දෙකෝටි තිස් ලක්ෂයක් වන තම රටේ ජනතාව හැර වෙනත් පාර්ශවයක් නියෝජනය කිරීමට සූදානම් නොමැති බවයි තායිවාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

තමන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය ලබා දෙන්නැයි තායිානය විසින් සිදුකළ ඉල්ලීමද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දිගින් දිගටම නොසලකා හැර තිබුණා.
ආසන්න දිනයකදී ජාත්‍යන්තර මාධ්‍ය විසින් මීට අදාළ පැනයක් යොමුකළ අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයකු ප්‍රකාශ කර තිබුණේ අන්තර්ජාල සබදතාවේ දෝෂයක් හේතුවෙන් එම පැනය තමන්ට නොඇසෙන බවයි.
නමුත් ඉන් පසු යොමුකළ පැනය ඔහුට නිවැරදිව ශ්‍රවණයවී ඊට ප්‍රතිචාර පළ කරනු ලැබුවා.
මේ අතර අමෙරිකානු බුද්ධි අංශ නිකුත් කළ වාර්තාවක් අනුවද චීනය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට බලපෑම් එල්ල කර ඇති බව ඊයේ තහවුරු කෙරුණා.
මෙම වසරේ ජනවාරි මාසයේදී නව කොරෝනා වෙරසය චීනය තුල උග්‍රව ව්‍යාප්තවූ අතර එය ලෝකයට හෙළි කිරීමෙන් වලකින ලෙස චීනය බලපෑම් එල්ල කර ඇති බවයි එම වාරතාවෙන් අනාවරණ කෙරුණේ.
ඒ හරහා ලෝකයට මෙම මාරක වෛරසය පිළිබද කල්තබා අනතුරු ඇඟවීමට තිබූ අවස්ථාවද මග හැර ගොස් තිබුණා.
ඒ ජනවාරි මාසය තුල ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා චීනයේ සංචාරයක පවා නිරතව තිබියදීයි.
මෙම තත්ත්වයන් තුල ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිබද විශ්වාසය දැඩිව බිද වැටී ඇති බවටයි ජාත්‍යන්තර මාධ්‍ය චෝදනා එල්ල කරන්නේ.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.