නිදහස් දින උත්සවයට ආ සිවිල් ආරක්ෂකයන් 50 කට කොරෝනා

ByLankaAnews

Feb 11, 2021

පෙබරවාරි 04 වනදා කොළඹ පැවති නිදහස් දින උත්සවයට සහභාගි වූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට කණ්ඩායමෙන් 50 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මේ වන විට තහවුරුව තිබෙනවා.
එම උත්සවයෙන් පසු එම භට පිරිස් සේරුපිටල ගල්කිරියාගම හා අම්පාර පහළලන්ද කඳවුරුවල නිරෝධායනයට යොමුකර සිටියදීයි ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇත්තේ.
නිදහස් දින උත්සවයට සහභාගි වූ කතරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා.
උත්සවයට සහභාගිවීමට පෙර සිදුකළ ඡක්‍ඍ පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු නොවන බව තහවුරු වූ නමුත් උත්සවයෙන් අනතුරුව කතරගමට පැමිණ සිදුකළ පීගසීගආර්ගපරීක්ෂණයෙන් ආසාදිතයකු බව හෙළිව තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *