අවශ්‍ය වුවහොත් පහර දෙනවා /චීනය තායිවානයට තර්ජනය කරයි

තායිවානයට තම රටෙන් වෙන්වී ස්වාධීන රාජ්‍යයක් වීමට කිසිදා ඉඩ ලබා නොදෙන බව චීනය අවධාරණය කරනවා.
ඒ වෙනුවෙන් අවශ්‍ය වුවහොත් හමුදා බලය පවා යෙදවීමට පසුබට නොවන බවයි චීනය අද අවධාරණය කළේ.
සාමකාමී ලෙස තායිවානය චීනයට අයත් කලාපයක් ලෙස පිළිගනීමට චීනය නිරන්තරයෙන් සූදානමින් පසුවන බවද ෂිංහුවා පුවත්සේවය වාර්තා කළා.
කෙසේ වෙතත් තායිවානය පවසන්නේ චීනයේ කොලනියක් බවට පත්වීමට තම රට සූදානම් නොමැති බවයි.
ඒ අනුව චීනයේ යෝජනාවන්ට එකග නොවන අතරම තායිවානය ස්වාධීන රටක් බවටයි චීනයට ප්‍රතිචාර දක්වමින් එරට ජනාධිපතිවරයා සදහන් කළේ.

2454

ආසාදිතයන්

1980

සුවය ලැබූ

463

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.