IPL වෙන්දේසියට ලංකාවෙන් ඉතිරි ක්‍රීඩකයන් 9 යි

Sri Lanka

2021 IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් 9 දෙනකු පමණක් අවසන් ලයිස්තුවට එක්කර තිබෙනවා.
ඒ මෙම ලයිස්තුවට එක්ව සිටි ලාංකීය ක්‍රීඩකයන් 31 දෙනා අතරිනුයි.
කුසල් පෙරේරා , තිසර පෙරේරා, වනිදු හසරංග, කෙවින් කොත්තිගොඩ. මශීෂ් තීක්ෂණ , දුෂ්මන්ත චමීර. දසුන් ශානක, ඉසුරු උදාන හා විජයකාන්ත් වියස්කාන්ත් ඒ අතරට ඇතුලත්.
2021 IPL තරගාවලිය සඳහා ලොව පුරා ක්‍රිකට් ක්‍රිඩකයන් 1114 දෙනකු නම් ඉදිරිපත් කර තිබුණා.
ඒ අතරින් වෙන්දේසිය සදහා වන ලයිස්තුවට එක්කර ඇත්තේ ක්‍රීඩකයින් 218 දෙනකු පමණයි.
ලබන පෙබරවාරි 18 වනදා IPL වෙන්දේසිය පැවැත්වීමට නියමිතයි.

එහිදී ලාංකීය ක්‍රීඩකයන්ට ඉදිරිපත් කර ඇති අවම ලංසුව
කුසල් පෙරේරා – රුපියල් ලක්ෂ 50 යි-
තිසර පෙරේරා – රුපියල් ලක්ෂ 50 යි
වනිදු හසරංග – රුපියල් ලක්ෂ 50 යි
කෙවින් කොත්තිගොඩ- – රුපියල් ලක්ෂ 20 යි-
මශීෂ් තීක්ෂණ – රුපියල් ලක්ෂ 20 යි-
දුෂ්මන්ත චමීර – රුපියල් ලක්ෂ 50 යි-
දසුන් ශානක – රුපියල් ලක්ෂ 50 යි-
ඉසුරු උදාන – රුපියල් ලක්ෂ 50 යි-
විජයකාන්ත් වියස්කාන්ත් – රුපියල් ලක්ෂ 20 යි-


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *