අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි. මේ අතර 2017 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව කලා අංශයේ දිවයිනේ පළමු ස්ථානය රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පත්බේරියේ මුනින්දවංශ හිමියන් හිමිකරගත්තා. වාණිජ අංශයෙන් දිවයිනෙන්ම පළමු තැන හිමිව ඇත්තේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දුලානි රසන්තිකා ශිෂ්‍යාවටයි.රත්නපුර හිදැල්ලන සීවලී මධ්‍ය විද්‍යාලයේ මැදලගම කන්කානම්ලාගේ ලක්‍ෂිත චතුරංග මැදලගම ශිෂ්‍යයා මෙවර උසස් පෙළ ජෛව පද්ධති තාක්‍ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනෙන් ම පළමුවන ස්ථානය ලබා තිඛෙනවා. මේ සියලුම අංශවලින් දිවයිනේ මුල් ස්ථාන හිමිකරගත් සිසු සිසුවියන්ගේ ලයිස්තුවයි.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.