ඉක්මනින් ලංකාවට ගෙන්වා ගන්න / රටවල් රැසක ලාංකිකයන් ඉල්ලයි

කොරෝනා වසංගතය පැතිර යාමත් සමග තමන් යළි සිය රට ගෙන්වා ගන්නා මෙන් ලොව පුරා විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් තවදුරටත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරනවා.

මේ වන විට රටවල් 5ක ලාංකිකයන් මෙරටට ගෙනඒමට සැලසුම් කර තිබුණද ඊට බාහිර රටවල් රැසක ලාංකිකයන් මෙම ගැටලුවට මුහුණපා ඇති බවයි ඔවුන් ලංකා ඒ නිවුස් වෙත සදහන් කළේ.
සවුදි අරාබිය, ඕමානය, ජෝර්දානය, ලෙබනනය, ආදී මැද පෙරදිග රටවල කෝවිඩ් 19 අවදානම ඉහළ මට්ටමක පවතිනවා.
එමීර් රාජ්‍යයේද ලාංකිකයන් පිරිසක් පමණක් මෙරටට ගෙන්වා තිබුණද තවත් බහුතරයක් එහි කොටුව සිටින්නේ දැඩි ලෙස පීඩා විදිමිනුයි.
ඒ අනුව එම රටවල වෙසෙන දහස් සංඛ්‍යාත ලාංකිකයන් පිරිසක් පෙන්වා දෙන්නේ තමන්ට මේ වන විට ආදායම් මාර්ග පමණක් නොව නවාතැන් පහසුකම් සම්බන්ධ ගැටළුද හටගෙන ඇති බවයි.
ඒ අනුව නවාතැන් හා ආහාර සදහා පිරිවැය දරා ගැනීමට මෙන්ම කොරෝනා අවදානමටද තමන් ගොදුරුවීමේ හැකියාවක් පවතින බවයි එම ලාංකිකයන් ලංකා ඒ නිවුස් වෙත සදහන් කළේ.
මේ සම්බන්ධයෙන් අප අදාළ බලධාරීන්ගෙන් විමසීමක් සිදුකළා.
එහි නිලදාරියකු කියා සිටියේ මැයි මාසයෙන් පසු සියලු යලි පැමිණීමට ලියාපදිංචි ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බවයි.
එහෙත් ඒ සදහා නිශ්චිත දිනයන් ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු පැවසුවා.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.