පකිස්ථානයේ ගුවන් අනතුරෙන් මරණ 97 ක්

පකිස්ථායේ සිදුවූ ගුවන් අනතුරෙන් පුද්ගලයින් 97 දෙනකු මරණයට පත්ව තිබෙනවා.
එම අනතුරෙන් දිවි ගලවාගනු ලැබුවේ පුද්ගලයන් දෙදෙනකු පමණයි.
ඒ අතරට පන්ජාබ් බැංකුවේ සභාපතිවරයාද ඇතුලත්.පිළිස්සුම් තුවාල ලබා සිටියද ඔහුගේ තත්ත්වය අවදානම් නොවන බවද නිවේදනය කෙරුණා.
පකිස්ථාන ගුවන් සේවයට අයත් මෙම යානය ඊයේ අනතුරට ලක්ව තිබුණේ යානය ගොඩබැස්වීමට යාමේදීයි.
එහිදී අවස්ථා 3ක් පමණ යානය ගොඩබෑමට බාධා මතුව තිබුණා.
අවසන් වාරයේදී දුරකථන කුළුණක ගැටීමෙන් පසුවයි යානය අනතුරට පත්ව තිබුණේ.

5625

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2172

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.