කඩාවැටුණු පකිස්ථාන යානයේ නියමුවා උපදෙස් නොතකා හැරලා

පකිස්ථානයේ සිදුවූ මාරක ගුවන් අනතුරට හේතුව නියමුවා ගුවන් පාලක මැදිරියේ උපදෙස් නොතකා හැරීම බව අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව අවස්ථා 3කදී පාලක මැදිරිය ලබාදුන් උපදෙස් ඔහු විසින් නොතකා හැර ඇති බවයි මේ වන විට හෙළිව ඇත්තේ.
යානය ගොඩබැස්වීමට තැත් කළ අවස්ථා 3 තුලදීම එහි වේගය හා උස ප්‍රමාණය අනාරක්ෂිත බව පාලක මැදිරිය මැදිරිය දන්වා තිබුණද නියමුවා ප්‍රකාශ කර ඇත්තේ එය තමන්ට පාලනය කර ගත හැකි මට්ටමක පවතින බවයි.
යානය ගොඩබෑමට අවශ්‍ය උස සීමාවට වඩා පහතින් පවතින බවටද ගුවන් පාලක මැදිරිය නියමුවාට අනතුරු අගවා ඇති බව සදහන්.
කෙසේ වෙතත් ගුවන් නියමුවාට යානය පාලනය කරගත නොහැකි මට්ටමේ කාර්මික දෝෂයක් මතුවූයේද යන්න පිළිබදවද මේ වන විට සැකයක් මතුව තිබෙනවා.
ඊට අදාළව පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පකිස්ථාන රජය පවසන්නේ.මෙම අනතුරෙන් පුද්ගලයින් 97 දෙනකු මියගිය අතර දිවි ගලවාගත්තේ දෙදෙනකු පමණයි.

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.