භූකම්පනයටත් සිනාසෙන නවසීලන්ත අගමැතිනිය

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩන් සජීවී රූපවාහිනී සංවාදයකට එක්ව සිටියදී හටගත් භූ කම්පන තත්ත්වයකට ඇය මුහුණ දුන් ආකාරය ප්‍රසාදයට ලක්ව තිබෙනවා.
නවසීලන්ත පාර්ලිමේන්තුවේ සිටයි ඇය මෙම සජීවී සංවාදයට එක්වෙමින් සිට තිබුණේ.
එම අවස්ථාවේ භූ චලන තත්ත්වයක් හටගත් අතර යම් භූ කම්පනයක් බලපාමින් පවතින බව අගමැතිනිය එම අවස්ථාවේ සජීවී සංවාදය තුල ප්‍රකාශ කළා.
එසේම ඇය කියා සිටියේ තමන් පසුපසින් ඇති ඇතැම් වස්තූන් කම්පනය සමග චලනය වූ බවයි.
එහෙත් තමන්ගේ හිසට ඉහළින් එල්ලෙන පහන් නොමැති බැවින් ගැටලුවක් නොමැති බවද නවසීලන්ත අගමැතිනිය සිනහවෙන් යුතුව ප්‍රකාශ කළා.
අනතුරුව ඇය සදහන් කළේ කම්පනය අවසන් බැවින් තමන් ඉතා යහපත් තත්ත්වයෙන් පසුවන බවයි.
මේ අකාරයෙන් අවදානම් අවස්ථාවකදී පවා නිර්භීතව කටයුතු කිරීම පිළිබද ඇය සමාජ මාධ්‍ය ඔස්සේ ඇගයීමටද ලක්ව තිබුණා.

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.