කටාර් සිට ඒමට සිටි ලාංකිකයන්ගේ ගමන තාවකාලිකව නවතියි

කටාර් රාජ්‍යයේ සිට  හෙට (26) දින ශ්‍රී ලාංකිකවට රැගෙන ඒමට සැලසුම් කර සිටි පිරිස මෙරටට  ගෙන ඒම තාවකාලිකව  අවලංගු කිරීමට  තීරණය කළ බව විදේශ සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසනවා.

කුවේට් රාජ්‍යයේ සිට ඉකුත් 5/19 දින මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් 466 දෙනා අතරින් , මේ වනවිට නීරෝධායනය වෙමින් සිටින  70 කට පමණ පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග මෙම තීරණය ගෙන තිබුණා.

හෙට (26) දින අලුයම 5.45 ට කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට , එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත් මෙම තීරණය සමග කටාර් හී අතරමංවූ මෙම ලාංකිකයන් පිරිසට අවශ්‍ය නවාතැන් හා ආහාර පහසුකම් සපයන ලෙසයි එරට තානාපති කාර්යාලයට උපදෙස් ලබාදී ඇත්තේ.
මේ අතර ඉකුත්  5/19 දින කුවේටයේ සිට පැමිණි පිරිසට කටුනායක ගුවන් තොටුපළ තුළ දී අවශ්‍ය සේවා සැපයූ ගුවන් තොටුපළ සේවකයින් , සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ හමුදා භට පිරිස් වලට අයත් විශාල ප්‍රමාණයක් අද 25 දින පී.සී.ආර්.පරීක්ෂණ වලට භාජනය වූ බව කටුනායක ගුවන් තොටුපළ ප්‍රකාශකවරයෙකු පැවසුවා.

 

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.