මැතිවරණ කොමිසම ජන්දයට සූදානම්

පාලනය වූ කොරෝනා තත්ත්වයක් යටතේ මහ මැතිවරණය පැවැත්වීමට සූදානම් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම්වල තීන්දුව ලැබීමෙන් පසු මැතිවරණය පැවැත්වීම පිළිබඳව අවසන් තීරණය ගන්නා බවයි ඔහු සදහන් කළේ.

සෞඛ්‍ය නිර්දේශ යටතේ පවතින සමාජ දුරස්ථභාවය, අත් පිරිසුදු කිරීම, මුඛ ආවරණ භාවිත කිරීම යන කරුණු මත මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාවේ නිලධාරීන් සමඟ අවසන් සාකච්ඡාවක් මෙම සතියේ පැවැත්වෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.