අද දිනයේ මේ දක්වා ආසාදිතයන් 135ක් / මුළු ගණන 1317 යි

මෙරටින් අද දිනයේ වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන මෙතෙක් දිනක් තුල වාර්තාවූ ඉහළම අගයට පත්ව තිබෙනවා.
ඒ අනුව දිනයේ මේ දක්වා වාර්තාවූ ආසාදිතයන් ගණන 135ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

මේ අතරින් බහුතරය විදෙස්ගතව සිට යළි මෙරටට පැමිණි ලාංකීය ශ්‍රමිකයන් වනවා.

ඔවුන් නිරෝධායනය වෙමින් සිටියදීයි ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇත්තේ.
ඒ අනුව මුළු ආසාදිතයන් ගණන 1317 ක් බවට පත්ව තිබෙනවා.
මේ වන විට ආසාදිතයන් 595 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 712ක්.

 

5625

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2172

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.