කොරෝනා ආසාදිතයන් ගණන 1319 ක් තෙක් ඉහළට

ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 137 දෙනෙකු  හඳුනා ගැනුණා. ඒ සමඟින් මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,319 දක්වා ඉහළ ගියා.

මෙරටින් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ආරම්භ වූ දිනයේ සිට දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වූ බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඊයේ හඳුනාගත් ආසාදිතයින් 137 දෙනාගෙන් 127 දෙනෙකුම කුවේටි සිට මෙරටට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි පුද්ගලයින් වනවා.ඒ අනුව කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණීමෙන් අනතුරුව කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගත් සංඛ්‍යාව 217ක්. ඊයේ දිනයේ හඳුනාගත් සෙසු ආසාදිතයින් 10 දෙනා නාවික හමුදා සාමාජිකයන් වනවා.

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.