විදෙස්ගත ශ්‍රමිකයන්ට මිනිස් බෝම්බ ලෙස නොසළකන්න / ජේ සී අලවතුවල

විදේශ රැකියා සඳහා නැවත මව් රටට ගෙන්වා ගැනිමේදී මිනිස් බෝම්බ ලෙස නොලසකන්නැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජේ සී අලවතුවල මහතා මේ බව පැවසුවා.විදේශ ගතවු ලාංකියන් පිළිබද සොයා බැලීමේ වගකීම පැහැර නොහරින ලෙසයි ඔහු රජයෙන් ඉල්ලා සිටියේ. ක්වේට් රාජ්‍ය සිටි බොහෝ ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනිමේදී තානාපති කාර්යාලය වගකීම් විරහිතව කටයුතු කර ඇති බවටයි අලවතුවල මහතා චෝදනා කළේ. රටට විදේශ විනිමය ලබා දෙන රටවිරුවන් පිළිබද වැඩි අවධානයක් යොමු කර කටයුතු කරන ලෙස ජේ සී අලවතුවල මහතා රජයෙන් ඉල්ලීමක් ද කළා.

තොකරම් අපහසු තත්ත්වයකදී වුවුද මෙරට පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමයි.
ඒ අනුව විදෙස්ගත ලාංකීය ශ්‍රමිකයන්ට මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකා රජයේ වැඩි රැකවරණයක් හිමිවිය යුතු බවද ඔහු අවධාරණය කලා.

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.