බ්‍රිතාන්‍යයේ කොරෝනා නව ප්‍රබේදය ලංකාවේ ප්‍රදේශ කිහිපයක පැතිරිලා / අවදානම ඉහළට

Sri Lanka

බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් නව වෛරස ප්‍රභේදයේ B117 ආසාදිතයින් මෙරට කොළඹ, අවිස්සාවේල්ලල,බියගම සහ වව්නියාව යන ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බව අනාවරණ කර තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ එම වෛරස ප්‍රභේදය බෝවීමේ ඉහළ ප්‍රවණතාවයකින් යුක්ත බවයි.
මෙම වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් BBC ය ඊයේ වාර්තාවක් පළ කළ අතර එහි දැක්වුණේ ඉදිරියේදී වැඩිම තර්ජනයක් එල්ල කළ හැකි වෛරස ප්‍රභේදය මෙය බවයි.
ඒ එම ප්‍රභේදයට වඩා ඉක්මනින් ව්‍යාප්තවීමට පවතින හැකියාව මතයි.
මෙම ප්‍රභේදය යලි විකෘති විවුහොත් විනාශය බරපතල විය හැකි බවට ද BBC වාර්තාව අනතුරු අඟවා තිබෙනවා.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *