සොයිසාපුර වෙඩි තැබීමට සැක පිට අයෙක් අත්අඩංගුවට

ගල්කිස්ස සොයිසා පුර ප්‍රදේශයේ හෝටලයකට එල්ලවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 29 වනදා ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට නාදුනන පිරිසක් ස්වයංක්‍රීය ගිනි අවිවලින් වෙඩි තබා පළාගියා. එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අංශ ගණනාවක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කළා.

පොලිස් විශේෂ කාර්යබලකායේ බුද්ධි අංශ නිලධාරීන් කළ මෙහෙයුමේදී සිද්ධියට අදාළ සැකකරුවෙකු ඊයේ (30) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එළුවිල, පානදුර ප්‍රදේශයේදීයි. මෙම සැකකරු දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බවයි පොලිසිය පවසන්නේ.

ඔහු දැනට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප මත මුදා හැර සිටින පුද්ගලයෙකු බවද පොලිසිය ප්‍රකාශ කළා. ඔහු ළග තිබී ජංගම දුරකතනයක් හා සිම් කාඩ් පතක් පොලිස් භාරයට ගැනුනා.

සැකකරු ගල්කිස්ස අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.